Saturday, September 20, 2014

Five Point Someone - Chetan Bhagat

සයවන දිග හැරුම...

ඔබ 3 Idiots හින්දි සිනමා සිත්තම නරඹා ඇති.එහෙත් ඒ සඳහා පාදක වූ ඒ අපුර්වතම අකුරු ඇමිණුම ඔබ කෙදිනක වත් කියවා නැතුවා වන්නට පුළුවන්. ඉදින් මේ ඒ ගැනයි.

ඒ ඉන්දියානු තාක්ෂණික විද්‍යයතනයයි.( Indian Institute of Technology IIT ).

දිනෙන් දින වෙනස් වන තාක්ෂණික ලෝකයේ ජය කෙහෙළි නැංවීමේ සොදුරු සිහිනය සැබෑ කරගැනීමේ අභිප්‍රායෙන්  Hari, Alok සහ Ryan   ඒ වෙත පැමිණෙයි. 

නමුත් ඒ සුන්දර සිහිනය වැඩි කලක් යාමට මත්තෙන් උන්ගේ ඇස් ඉදිරිපිටදී ම වියැකී යයි. 

උන් මුහුණ දුන් පළමු විභාගයේ දී ම අවම ලකුණු ලබා  දුර්වලතමයන් ලෙසින් IIT ජීවිතය ආරම්භ කිරීමට උන් හට  සිදුවෙයි. 

ඉඳින් රචකයා අප හට පවසන්නට යන්නේ ආයතනය තුල නිවැරදිව හැසිරී උන් වැටුණු වලෙන් ගොඩ ඒමේ මාර්ගය ගැනද??  නැත...ඔහු කියන්නට හදන්නේ ඔබ දුර දිග නොබලා කටුයුතු කරන්නෙක් නම් ඔබට් සිදුවිය හැකි අකරතැබ්බයන් ගැනයි.

එතැන් පටන් ඒකාකාරී නීරස ඉන්දීය අධ්‍යාපන සංස්කෘතිය තුල ගොඩනැගෙන උන්ගේ   කතාව Hari අපහට පවසයි.. 

දැඩි මතධාරී ගුරුවරුන්,කිසිදා නිම නොවෙන විභාග,අසීරු විෂය නිර්දේශ අතර අතරමන් වන උන්ගේ සිත් නිබඳවම ආදරය මිත්‍රත්වය වැනි එදිනෙදා දිවියේ රසමුසු අහුමුලු ද සොයා යයි.. 

ඒකාකාරී වූ දෛනික ජිවිතයට මද අස්වැසිල්ලක් ලැබීම ට උන් කරනා විගඩම්, නාඩගම් සහ පුරසාරම්කම් වල ප්‍රතිඵල දෙගුණ තෙගුණ වී උන් පසුපස හඹා එන සැටි කෙතරම් අපුර්ව ද ...

මේ අතර Hari විද්‍යයතනයේ මහාචාර්යවරයෙකුගේ දියණියක හා පෙමින් බැඳෙයි.

නමුත් උන් තවමත් දුර්වලතමයන් අතර...

IIT විදුපියස හැරදා යාමට උන්ට සිදුවේවි ද??

නොඑසේ නම් විශිෂ්ටයින් ලෙසින් IIT ජීවිතය ජයගැනීමට උන්ට හැකිවේවි ද???
රැකියා වෙළඳපොළ තුල සිටිනා අධික ඉල්ලුමැති තරු බවට පත්වීමට උන්ට හැකි වේවි ද ???




7 comments:

  1. මේ පොත නම් කියවල නෑ
    Chetan Bhagat ගේ Two Stages නං කියව්ව
    එකත් පට්ටම පොතක්

    ReplyDelete
    Replies
    1. මේක තමයි 3 idiots හි වස්තු බීජය...මට නම් ඒ පිචර් එකට වැඩිය පොත හොඳයි... two stages නම් මා ද කියවා නැහැ... ඉක්මනටම කියවන්න ඕනි එකත්...

      Delete
    2. Chetan Bhagat ගේම් කසාදය සිදුවූ විදිය ගැන තියෙන්නේ

      Delete
  2. meaka nam harima lassana pothak

    ReplyDelete
    Replies
    1. මෙයාගේ අනික් පොතුත් මේ වගේම ලස්සනයි ලු...

      Delete
  3. ඔත්තුවට තුති !

    ReplyDelete
    Replies
    1. සුන්දර දෙහදක් ගැන තවත් රසවත් ඔත්තුවක් ළඟදීම...

      Delete