Sunday, September 28, 2014

තුන් යහළු වික්‍රමය - කුලසේන ෆොන්සේකා...

හත්වන දිගහැරුම...

පෑනේ මිතුරන් තිදෙනෙකු වූ සුනිල්,රුවන් සහ අජිත් උසස් පෙළ විභාග කඩඉම හමාර කිරීමෙන් අනතුරුව මහනුවර රුවන්ගේ නිවස්නයේ දී යලිත් මුණ ගැසෙති...

පසු දිනෙක ඔවුන් අසල පිහිටි සුන්දර දිය ඇල්ලක මිහිදුම් සළු අතරේ කිමිදීමට යති...

එහි වූ කව්රුන් හෝ විසි කර තිබු පුවත් පත් කොටසක් නිකමට මෙන් කියවන ඔවුන්,නිදන් හොරුන් කණ්ඩායමක් අසල ගමක සිදු කරන ලද පුපුරවා හැරීමක් පිලිබඳ පුවතක් දකියි...

පසු දිනම මේ තිදෙනා ඒ ඉසව්ව සොයා යයි...

ඉනික්බිතිව තිදෙනාට සිදුවන්නේ කිසි ලෙසකින් වත් අපේක්ෂා නොකළ අත්භූත සිදුවීම් දාමයකට මුහුණ දීමටය...

ඕලන්ද යුගයේ ඉපැරණි කාසි,ත්‍රාසජනක ලුහුබැඳීම්,සිරගත වීම්,තුන් කුළුදුල් බිළිඳෙකු සහ දරුණු නිදන් හොරුන් අතරට මැදිවන වන මේ තුන් යහළුවන්ගේ කතාව නිසැක වශයෙන්ම ඔබේ ළමා කාලය ඉතා සුන්දර එකක් කරන්නට ඇති...

5 comments:

  1. මචන් මගේ පොත් එකතුවෙත් ඕක තියෙනවා.
    අපේ යුගයේ පොත් කියවපු ඕන එකෙක් ඔය පොත කියවල ඇති.

    ReplyDelete
    Replies
    1. අනිවා... මාත් පොඩිකාලේ ඇඳ උද ගුලිවෙලා ආසාවෙන් මේවා කියවපු හැටි තාම මතකයි... ඒ ලස්සන ළමා කාලය අද පොඩි අයට නැති එක ගැන නම් ගොඩක් දුකයි...

      Delete
  2. පොත් ගුල්ලා මූණු පොතේ ඉන්නවද දන්නේ නෑ. මූණු පොතේ ගෲප් එකක් තියනවා "පොත් කියවන අය" කියල එතනට අවශ්‍ය කරන්නෙත් මේ වගේ පොතක් ගැන කෙටි හැඳින්වීමක් තමයි. ඒ එක්කම ප්‍රකාශකයා සහ පොතේ දත්ත ගැනත් සුලු විස්තරයක් දානවා නම් හොඳයි. පොත් ගුල්ලා ඒ කණ්ඩායමට එකතු වුණොත්, මේ බ්ලොග් පෝස්ට් එක එතන ශෙයාර් කරන්න පුළුවන්. කැමති නම් මට ෆේස්බුක් නම දන්වලා මේලක් දාන්න. නැත්නම් ඒ ගෲප් එක හොයාගෙන ඒකට කෙලින්ම මැසේජ් එකක් දාන්න.

    ReplyDelete
    Replies
    1. මා ඒ ගෘප් එකේ සාමාජිකයෙක්. එහිත් මේ පොස්ට් පළකිරීම සිදු කරනවා. ප්‍රකාශකයා සහ පොතේ දත්ත එකතු කිරීම ඉදිරියට කරන්නම්... මා මේ නමින්ම මුණු පොතේ ඉන්නවා. request එකක් දාන්න...

      Delete
  3. Just wish to say your article is as astounding. The clearness on your post is
    simply excellent and i could assume you are knowledgeable in this subject.
    Well along with your permission allow me to snatch your RSS feed to stay updated with imminent post.
    Thank you a million and please keep up the rewarding work.


    Here is my webpage; Funny Cat Vine

    ReplyDelete