
නිල් වන්ව නෙත රඳනා lilac මලෙහි වූ ඒ අපුර්වතම සුගන්ධය , සෑම වසරක ම අප්රියෙල් මාසයේදී ,හමනා මුහුදු සුළං ප්රවාහයට මුසුවී දසත හමායන්නට වූ කළ ඔහුගේ සිත තමන් පාසල තුල ගෙවූ ඒ අවසන් වසරේ සදාදරණීය මතක සටහන් සොයා යයි. ඒ 1958 වර්ෂයයි.ඔහු ඒ වන විටත් යව්වනියන් කිහිප දෙනෙකු යහළුවන් සේ ඇසුරු කර තිබුණු අතර ඉන් එකියකට ඔහු සැබෑවටම ආදරය කල බවට ඔහුගේ සිත දිවුරයි..
පාසලේදී ඔහු මුණ ගැසෙන ගැහැණු ළමුන් අතුරින් අයෙක් කටකාරය.අයෙක් දගකාරය.නමුත් මේ සියල්ලන් අතරේ නිහඩ ගුප්ත යව්වනියකද වුවාය.
ඈ නමින් Jamie ය .Jamie නගරයේ පුජක තුමාගේ දියණිය වුවාය. . නගරයේ සිටිනා සියලුම යව්වනියන් මෙලොවින් තුරන් වී ඈ පමණක් ඉතිරි වුවත් ඔහු ඈ හා පෙමින් නොබැඳෙන බව ඔහු හොඳාකාරවම දනියි . ..ස්වකීය පොත් මිටිය සමඟ බයිබලයක් ද ලැමට තුරුළු කරගත් ඈ සම වයස් මිතුරු මිතුරියන්ගෙන් වෙන්වූ හුදෙකලා දිවියක් ගතකලාය. අනාථ වූ සතුනට ඇප උපස්ථාන කිරීම ප්රිය කළ ඈ තම වැන්දඹු පියා සමග වාසය කළාය . යෞවනයෙකු කිසි දිනෙක ඈ හා ඇසුර පතා නොතිබිණි.ඔහු වුවද එසේම විය..

ඇගෙන් ලද තෙරක් නොපෙනෙන ආදරය හමුවේ ඔහු ගෙවූ සැහැල්ලු විනෝද කාමී ජීවිතිය මහාපරිමානයේ වෙනස් කමකට බඳුන් වෙයි. ආදරය යන වදනෙහි සැබෑ අරුත ඈ ඔහුට කියා දෙයි.ඈ හා ඇසුරෙහි තෘප්තිමත් වෙන ඔහු ඈ අහිමි ජිවිතයක් නොපතයි. පැහැබර අනාගතයක සුබ සිහින අතරේ අතරමන් වන ඔහු , ඈ පවසන අනපේක්ෂිත හෙළි කිරීමෙන් කම්පනයට පත් වෙයි...
I cried like nothing while reading this book.so............... heart touching
ReplyDeleteall the other books of Nicolas are also damn enchanting...
Delete