Saturday, November 29, 2014

The Day of the Jackal - Frederick Forsyth (වෘකයාගේ දවස - අභය හේවාවසම්)

පහළොස් වන දිගහැරුම...

රයිෆලයක් අතින් ගත්, රටක අනාගතය වෙනස් කල හැකි මිනිසෙක්...

ජනපතිවරයෙකු ඝාතනය කිරීමේ අතිශය රහස් කුමන්ත්‍රණයක්... 

තවත් මිනිත්තු කිහිපයකින් සිදුවන්නට නියමිත කුරිරු ඝාතනයක්... 

නමුත් එම ඝාතන තැත වැළක්වීමට සමතෙක් අහලකවත් නැත...

රනින් දිදුලන කෙස් කළඹක් වටකොට ගත් අතිශය තියුණු නෙත් සඟලක් හිමි ඔහුගේ සැබෑ නම අදටත් රහසකි. 
අපි ඔහුට  Jackal කියමු. 

තවකෙකු වෙනුවෙන් කුලියට තවත් එකෙකු මරාදැමීම ජීවිකාව කරගත් ඔහු ඉංග්‍රීසි ජාතිකයෙකි. 

වෘත්තීය කුලී ඝාතකයන් අතළොස්ස අතරේ අන් කිසිවෙකු හා අසම සමව ඉහළින්ම වැජඹෙන ඔහු ගැන වතගොත දත් ආරක්ෂක සංවිධානයක් යනු හුදෙක් සිහිනයක් ම පමණි. 

ඉඳින් ඔහුගේ කර්යශුරත්වය ගැන තවත් වර්ණනා කුමටද... 

කිසිදා නොවැරදුනු ඉලක්කයක් ඇති ඔහුගේ සුක්ෂම දෑතට මෙවර ලැබෙන්නේ දැඩි ආරක්ෂක රැකවල් මැද දිවි ගෙවනා මිනිසෙකු ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුවකි...



මිල : සිංහල පරිවර්තනය : රු. 300 සිට
         ඉංග්‍රීසි : රු.1200 යි.

Saturday, November 22, 2014

The Witness by Nora Roberts

දාහතර වන දිගහැරුම....

කුතුහලය අවුස්සන භයංකර අභිරහසක් හා සුන්දර ආදරයක් අතරට මැදිව දිවිගෙවනා ඇයට සැමදා සැඟව සිටිය නොහැකියි.

තම මවගේ දැඩි පාලනයට නතුව දිවි ගෙවූ එලිසබෙත්, ඈ නොමැති එක් දිනෙක රාත්‍රී සමාජ ශාලාවක් වෙතට පිය නඟයි. එහිදී ඈ ඇති පදමට රහ මෙරින් සප්පායම් වෙයි. මත් වී සිටිනා ඈ වෙත පැමිණෙන එක්තරා රුසියානුවෙක්   Lake Shore Drive නමින් හැඳින්වෙන පෙදෙසක ඇති නිවසක් තුළට ඈ කැඳවාගෙන යයි. එතැනින් පසු සිදුවන සිද්දි දාමයක් ඇගේ ජීවිතය සදහටම වෙනස් කිරීමට සමත් වෙයි.

දොළොස් වසරක් ගතවෙයි.

Ozarks හි කුඩා නගරයක් ආසන්නයෙහි  ජිවත්වන,  නමින් Abigail Lowery වන  තවත් එක් කාන්තාවක්  වෙත  කතෘතුමිය තම පන්හිඳ මෙහෙයවයි. නිවාස ආරක්ෂක පද්ධති සැලසුම් කරනා ඈ පරිගණක ක්‍රමලේඛ ශිල්පිනියක වෙයි. ස්වකීය ආරක්ෂාව සඳහා රුදුරු සුනඛයෙකු සහ ගිනි අවි ළඟ තබා ගන්නා ඈ මෙතරම් ආරක්ෂාවක් ඈ වෙත අවැසි වන්නේ මන්දැයි කිසිවෙකු හා නොපවසයි. 

වැඩි ආරක්ෂාවක් සහිතව, කිසිවෙකු හා වැඩි සම්බන්ධයකින් තොරව ඈ ගෙවනා රහස්‍ය ජීවිතය කුමටදැයි   ප්‍රාදේශීය පොලිස් ප්‍රධානි Brooks Gleason නොයෙක් වර සිතයි. කාගෙන් හෝ වියහැකි අන්තරාවක් ගැන බියෙන් ඈ කල් ගෙවන්නේ ද??? ලොවට හෙළිකළ යුතු අපරාධයක සුළ මුළ ඈ දන්නේ ද???  

මේ අතර ඔහු ඈ හට ආලය කිරීමට සැරසෙයි.

Tuesday, November 18, 2014

Fifty Shades of Grey - E. L. James ( අතිශයින්ම 18 + )

දහතුන් වන දිග හැරුම...

"රූ සපුවෙන් අග තැන්පත් හුරුබුහුටි ඇනාගේ දඟකාරකම් හමුවේ ඇයට ආලය කිරීමට ඔහු සැරසෙයි. 

නමුත් ඒ කොන්දේසි විරහිතව නොවේ... 

කොන්දේසි සහිතවය... "

            **********************

විසි එක් හැවිරිදි තරුණියක වූ ඇනා සරසවි අධ්‍යාපනය ලබන්නියක වුවාය...

ඇගේ හොඳම යෙහෙළිය කේට්, සති පතා පළවන සරසවි පුවත්පතට ලිපි ලිවිම සිදු කළාය.

දිනක් සියැටල් හි ජීවත් වන විසි හත් හැවිරිදි අතිශය දක්ෂ, තරුණ විවසායකයෙකු ගැන දැනගන්නා කේට් ඔහු ගැන ලිපියක් ලිවීමට සිතයි. 

නමින් Christian වූ ඔහුගේ සාර්ථකත්වයේ රහස ලොවට හෙළිකිරීමේ අරමුණින් කේට් ඔහු හා සම්මුඛ සාකච්චාවක් සඳහා දිනයක් ලබා ගනියි. 

නමුත් හදිසියේ ඇතිවන අසනීප තත්වයක් හේතුවෙන් යොදාගත් සම්මුඛ සාකච්චාව සිදුකිරීම සඳහා ඇනා පිටත් කර යැවීමට කේට් හට සිදුවෙයි.  
ඔහු දුටුවා පමණි, ඇනාගේ සිත ඔහු ගැන හටගත් පෙම් සිහින වලින් අතොරක් නැතිව පිරී යයි. 

ඉඳින් තමා ආ කාර්යය පසෙකලන ඈ ඔහුගේ පුද්ගලික ජීවිතය ගැන අනවශ්‍ය ප්‍රශ්න ගොන්නක් ඔහු වෙත මුදා හරියි. 

සම්මුඛ සාකච්චාව අවුල් ජාලයක් කරගන්නා ඈ එය අසාර්ථකව නිම කරයි. 

ඔහු යලිත් කිසි දිනෙක හමු නොවෙනා බව දන්නා නිසාම ඈ සියල්ල අමතක කොට ආපසු පැමිණෙයි.. 

පසුදිනෙක සාප්පු සන්කිර්නයකදී තමන් ඉදිරියට ඇවිද එන Christian දකිනා ඇනා වික්ශිප්ත වෙයි. 

රූ සපුවෙන් අග තැන්පත්  හුරුබුහුටි ඇනාගේ දඟකාරකම් හමුවේ ඇයට ආලය කිරීමට ඔහු සැරසෙයි. 

නමුත් ඒ කොන්දේසි විරහිතව නොවේ... කොන්දේසි සහිතවය... 

ඔහුගේ අස්වාභාවික කාමුක ආශාවන් ඉදිරියේ තැතිගැන්මකට ලක්වන ඇනා ඔහු හැර යාමට සැරසෙයි. 

නමුත් ඈ තුල ද කෙමෙන් ජනිතවන එවන්ම වූ අස්වාභාවික කාමුක ආශාවන් හමුවේ  ඔහු හැර දා යාමක්  ඈ කිසිදා  නොසිතයි.... නොපතයි...

Sunday, November 2, 2014

Nothing Lasts Forever - Sidney Sheldon


දොළොස් වන දිගහැරුම...

නමින් ඈ Paige  ය. හෘද හා උරස් ශල්‍ය වෛද්‍යවරියක( Senior resident in Cardio thorasic surgery) විම සඳහා වූ අවසන් පුහුණු කාලය ගත කල ඈ සැම සිත් ගත් සුන්දර තරුණියක වුවාය. අසරණ රෝගීන් කෙරෙහි වෙඩරු පිඩක් මෙන් සැනෙන් උණුවන හදවතක් දරා සිටි ඈ කිසි දිනෙක මුදල් පසු පස හඹා නොගියාය. මඩිය තර කරගැනීම නම්වූ පහත අරමුණ සපත කරගැනීමේ මන්ද මානසිකත්වයෙන් රෝගීන්ට ප්‍රතිකාර කිරීම ඈ සැමවිටම පිළිකුල් කළාය. 

ශ්‍රී ලාංකීය අප වෛද්‍යවරුන්ට දෙවි වරුන්ට මෙන් සැළකුවත් දියුණු යැයි කියාගන්නා අපරදිග වැසියන් එසේ නොවේ. ඔවුන්ට වෙදුන් යනු තවත් එක් වෘතිකයන් පිරිසක් පමණි. අප මෙන් විශේෂ ගරු කිරීමක් කරන්නේ නැත.


දිනක් Paige ප්‍රතිකාර කිරීමට යන හෘද රෝගියෙකු ඈට අතිශය අකාරුණික ලෙස ආමන්ත්‍රණය කරයි. මේ බැ*ලි ද මට බෙහෙත් දෙන්නේ???  


ඔහු වේදනාවෙන් පෙළෙන එක් දිනෙක ශල්‍යකර්මයක් සිදු කොට පපු කුහරය විවර කර බලනා ඈ දකින්නේ  අවසන් අදියරේ වූ පිළිකාවකින් ඔහුගේ හෘද වස්තුව දරුණු ලෙස හානි වී ඇති බවකි. පිළිකා පිළිඹඳ විශේෂඥ වෛද්‍යවරයාගේ අදහස අනුව ඔහුට ජීවත් වීමට ඉතිරි ව ඇත්තේ උපරිම වශයෙන් තවත් දෙසතියක කාලයකි.


Paige හට ඔහු කළ අකාරුණික ආමන්ත්‍රණය එදවසින් පසු ලයාන්විත හැඟුම්බර ආමන්ත්‍රණයක් බවට පෙරලෙයි. උහුලාගත නොහැකි තරම් වූ අතිශය වේදනාවෙන් පෙලෙනා ඔහු ඇගෙන් ඉල්ලන්නේ එකම එක අහිංසක ඉල්ලීමකි. 


බෙහෙතක් විද මා මරා දමන්න. මා කෙසේ මේ වේදනාව තවත් ඉවසා සිටින්නද...


එදින සැන්දෑ යාමයේදී ඈ ඔහුගේ ඉල්ලීම ඉටුකරයි.


සතියක ඇවෑමෙන් ඈ හට දැනගැනීමට ලැබෙන්නේ ඩොලර් මිලියනයක් පමණ වන ඔහුගේ මුළු බුදලයම ඈ හට පවරා ඇති බවකි. 


මේ බව දැනගන්නා ඔහුගේ පවුලේ අය , මුදල් ලබාගැනීම පිණිස ඈ ඔහු ඝාතනය කල බවට පැමිණිලි කරයි.


එය සත්‍යයක් නම් දඬුවම මරණයයි. ඔවුන්ගේ ඒකායන අරමුණ වන්නේ ද එයයි.


ඔහු පෙරදී ඈ හට කළ අකාරුණික ආමන්ත්‍රණය ගැන පමණක් දන්නා සියල්ලෝම සිතන්නේ ද නොවැරදීම ඈ වරදකරු වන බවයි.


මේ පළමු පිටු කිහිපයේදී දිගහැරෙනා සිද්දි දාමයයි. ඇගේ ඉරණම දැනගැන්මට කුහුලින් පෙළෙන පාඨක අප ඉදිරියේ ඉනික්බිතිව දිගහැරෙන්නේ වෙනස්ම සිද්ධි දාමයකි. 


Paige ගෙවූ සුන්දර ළමා කාලය, ඇගේ ප්‍රථම ප්‍රේමය, වෛද්‍යවරියක වී රෝහල වෙත පැමිණෙන ආකාරය, එහිදී ඈ මුණගැසෙනා යහළුවන් සහ ඔවුන්ගේ අතුරු කතා, වෛද්‍යවරුන් ගත කරනා ඔබටත් මටත් සිතාගත නොහැකි අතිශය කාර්යබහුල වෙහෙසකර දින චර්යාව.


නමුත් මේ අනිකුත් වෘත්තාන්ත සියල්ල අවසානයේදී Paige ගේ ඉරණම වෙත පාඨක අප යොමු කරයි.