Sunday, September 14, 2014

Jamaica Inn - Daphne du Maurier (යකාගේ නවාතැන - Dr.චන්දන මෙන්ඩිස්...)

පස්වන දිග හැරුම...


හෙල්ෆොර්ඩ් හි ගම්බද ගොවිපොලක ඇති දැඩි වූ විසි හැවිරිදි Mary Yellan හට ස්වකීය මවගේ අකල් මරණයෙන් පසු කොන්වෝල් හි පිහිටා ඇති සිය නැන්දණිය ජීවත් වන Jamaica Inn තානායම වෙත යාමට සිදුවෙයි.
එහි සිට ගව් ගණනක් දුරට මනුෂ්‍ය වාසයෙන් තොර වූ තානායම වෙතට ඈ කැඳවාගෙන යන කරත්ත කරුවා එහි නොයන ලෙස ඈ හට බැගපත් වෙයි.
සැර පරුෂ දාමරිකයෙකු වන ඇගේ මාමණ්ඩිය විසින් පාලනය කරනු ලබන මෙම නවාතන් පොලෙහි නැන්දනිය ගත කරනා ඉතා අසරණ ජිවිතය දැක Mary කම්පනයට පත්වෙයි.
මේ අතර Jamaica Inn හි වූ අසාමාන්‍ය බවක් දක්නා මේරි කැළඹීමට පත්වෙයි.
නවාතැන් පොලක් වුවද එහි කිසිදු අමුත්තෙකු සිටියේ නැත.එපමණක් නොව එය කිසි දිනෙක අමුත්තන් සඳහා විවරව තැබී ද නැත. හතර වටින්ම තෙරක් නොපෙනෙනා වගුරු බිමකින් වටවූ Jamaica Inn තුලට වී සිය මාමණ්ඩිය සහ පිරිවර ගත කරනා රහස්‍ය ජීවිතය කුමක් සඳහා ද ??? Mary මෙහි වු අභිරහස සොයා යාමට තීරණය කරයි.
මේ අතර මාමා සහ ඔහුගේ සහචරයන් විසින් සිදු කරනා දාමරික ක්‍රියා අතරට මැදිවන Mary එහි සිටිනා තවත් එක් දාමරියෙකු හා පෙමින් බැඳෙයි.

7 comments:

  1. මේක පට්ට පොතක්.
    මම අවුරුදු දෙකකට කලින් බුක් ෆෙයාර් එකන් ගත්තා

    ReplyDelete
  2. ඔබ විසින් සිංහල බ්ලොග් ලෝකයේ අඩුපාඩුවක් සපුරනවා. පොත් ගැනම ලියවෙන මේ බ්ලොගේ එක දිගටම පවත්වාගෙන යන්න. කොත්තු සින්ඩියට මේක දාන්න. මේ විෂයට අදාළ FB ගෘප් වල මෙම්බර් වෙලා ලියන පොස්ට් ඒවාට ශෙයා කරන්න. මුල් කාලයේ හිට් කවුන්ට් එක අඩු තමයි. ටික කාලෙකින් හරියනවා. මේකේ ඉන්නේ පොත් පිස්සෝ නිසා අවුලක් වෙන්නෙම නෑ
    බ්ලොගර් එකේ Stats නිතර බලල හිට් අඩු වෙනකොට අලුත් පොස්ට් දමන්න.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි ඔබේ මඟ පෙන්වීමට... කොත්තු සින්ඩියට මේක දැම්මා... FB හි "පොත් කියවන අය" හි ත් මා මේ පොස්ට් පල කිරීම සිදු කරනු ලබනවා... නැවත වාරයක් ස්තුතියි ඔබේ හෘදයංගම මඟ පෙන්වීමට...

      Delete
  3. මේක මත භේධාත්මක කොමෙන්ට් වැටෙන බ්ලොගේ එකක් නොවන නිසා කොමෙන්ට් අප්රුවල් එකත් අයින් කරන්න

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ඕනි..මා බ්ලොග් ලෝකයට අලුත්.. ඒක default setting එකක්... හරි...ඒ වැඩෙත් හරි...

      Delete
  4. බ්ලොග් රෝල, ෆ්ලැග් කවුන්ටරය වැනි ගැජට් ඇඩ් කරන්න. ලේ අවුට් එකත් ආකර්ශනීය වෙනවානම් හොඳයි

    ReplyDelete
  5. මමත් මේ පොත කියවල තියෙනවා...මම වහින වෙලාවක ඇඳක් උඩට වෙලා හරිම අසාවෙන් රසවිඳපු පොතක්.

    ReplyDelete