Saturday, August 30, 2014

Dan Brown-Angels & Demons

පොතක මහිම...පළමුවන දිගහැරුම... 

Dan Brown-Angels & Demons...



ස්වීඩන පර්යේෂනාගාරයක මරා දමා සිටි භෞතික විද්‍යාඥයෙකුගේ සිරුරේ ඇඳ තිබූ අසාමාන්‍ය සංඛේතයක් සහිත පච්චයක් පිළිබඳව අධ්‍යනය කිරීමට හාවඩ් සරසවියේ සංකේත පිලිබඳ විශේෂඥ Robert Langdon කැදවෙයි.එකී පච්චය අධ්‍යනය කරන ඔහු එතෙක් මෙතෙක් ලොව බිහිව තිබී වියකී ගිය බලගතුම සහෝදරත්ව කණ්ඩායමක යලි පිබිදීමක් පිලිබඳව හෝඩුවාවක් ලබාගනියි.
ඉලුමිනාටි නම් වන එකී සමුහයේ පුනරාගමනය, තමන් පුරාතන යුගයේ සිටම බද්ධ වෛරයෙන් පෙලෙන වතිකානුව විනාශ කිරීමේ අවසන් මෙහෙයුම දියත් කිරීම පිණිස වෙයි.
මේ අතර ඉලුමිනාටි පණිවිඩ කරුවෙක් තමන් වතිකානු නගර මධ්‍යයේ කාල බෝම්බයක් සැගවූ බවට වතිකානු කතෝලික පල්ලියට දැනුම් දෙයි.
බෝම්බය සොයාගැනීමට ආධාර වීමට Robert Langdon රෝමය වෙත පිය නගයි.
වතිකානුව බේරාගනු වස් වැසී ගිය බිම් ගෙවල්,භයානක සොහොන්,අත් හැර දැමූ දෙව් මැදුරු හරහා වසර 400ක් පැරණි මං සලකුණු ඔස්සේ Langdon සහ පොලිසිය සමග වැඩ කරන ඉතාලි සුරූපීනියක සහ විද්‍යාඥවරියක වන Vittoria Vetra ඉලුමිනාටි තිප්පොළක් සොයා යයි.
කාල බෝම්බය නිෂ්ක්‍රිය කොට වතිකානුව බේරා ගැනීමට ඔවුන්ට හැකි වේවි ද ??? Goodreads user ratings 3.79(2014.08.12) ඇති ත්‍රාසය භීතිය කුතුහලයෙන් සපිරි මෙය ඔබ කියවිය යුතුම පොතකි...