Monday, September 1, 2014

Veronika Decides to Die-Paulo Coelho

 දෙවන දිගහැරුම...


තෘප්තිමත් රැකියාවක්,ආකර්ෂණිය පෙම්වතුන්,ආදරණීයයන්ගෙන් පිරුණු නිවස්නයක්,මන බඳිනා රූසපුවක් යනාදී සියලු සිතූ පැතූ සම්පත් වලීන් අනුන ජීවිතයක් ගතකළ විසි හතර හැවිරිදි වෙරෝනිකා උක්ත කිසිම දෙයකින් සතුටු වන බවක් පෙනෙන්නට නොතිබිණි.ඉදින් ඈ මරණය කරා පිය නැඟීමට තීරණය කොට යලි කිසි දිනෙක අවදි නොවීමේ අරමුණෙන් වසර 1997 නොවැම්බර් මස 11 වන දින හිරු නැගෙන කනිසමේදී නිදි පෙති අහුරක් ගිල දැමුවාය .

මරණයේ සේයාවන් අතරින් පසු දිනෙක අවදිවන වෙරෝනිකා, තමන් මානසික රෝහල් ඇඳක් මත සිටිනු දැක වික්ෂිප්ත වුවාය.


 බලාපොරොත්තු අතරින් නැවතත් ජිවයේ පහස ලබන වෙරෝනිකා හට එහිදී දැනගන්නට ලැබෙන්නේ මරණය කරා වැටී ඇති ගමන් මාර්ගයේ ඈ අඩක් පමණක් පිය නගා ඇති බවකි. 

ඈ වෙත ක්ෂණික මරණයක් උරුම කිරීමට අසමත් වුවත්,නිදි පෙති අධි මාත්‍රාව ඇගේ සියුමැලි හදවතට දරුණු ලෙස හානි සිදුකොට ජිවත් වීම සඳහා වෙරෝනිකා හට එක් දිනක් පමණක් ඉතිරි කොට තිබිණි.

මානසික රෝහල් භුමිය තුල හමුවන මිනිසුන්ගෙන් ඈ ජිවිතයේ ජීවය පිලිබඳව වටහාගනියි..


නමුත් ඈ මරණය කරා පිය නගමින් සිටියි... 


ඇගේ ජීවිතය මරණයෙන් කෙළවර වේවිද???

2 comments:

  1. ස්තුතියි ඔබේ වෑයම සාර්ථක වේවා.. බ්ලොගර් ෆලෝවර් ගැජට් එක දාන්න..

    අයියෝ වර්ඩ් කැරිපිකේසන් එක අයින් කරන්න..

    ReplyDelete
    Replies
    1. සුභ පැතුමට ස්තුති වේවා... ඵලොවර් දැම්මා.. කැරිපිකේෂන් එකත් අයින් කළෝ..සොරි වෙන්න ඕනි.මං බ්ලොග් ලෝකෙට අලුත්.ඒවා ඩිෆෞල්ට් සෙටිං .දැන් තමයි අයින් කරන විදිය හොයාගත්තේ...

      Delete