Sunday, April 5, 2015

මල්ලිගේ විත්ති - ගුණදාස ලියනගේ

ඔබ වැඩිම වාරයක් කියවා ඇති පොත කුමක්දැයි කවුරුන් හෝ ඇසුවහොත් ඔබේ පිළිතුර කුමක්ද? මේ තමයි මගේ පිළිතුර. :-)

කෙටි කතා සමුච්චයකින් ගොඩ නැංවෙන මේ මහා කතාන්දරයේ ගැබ්ව ඇති සොඳුරු ගැමි සුන්දරත්වය සහ සරල හාස්‍ය රසය, ඔබව වෙනත් ලොවක් වෙත රැගෙන යාවි.

ඒ හැටේ දශකයයි. ස්ථානය අද දවසේ පවතී දැයි සැක සහිත සොඳුරු ගම්මානයකි.

රසකතා සියල්ල පාඨක අපට පවසන්නේ ඉස්කෝලේ තුන වසරේ පමණ සිටී යැයි සිතිය හැක්කෙකි.

ඔහු හා ඔහු වටා සිටි පිරිස මුහුණ දෙන ඇබැද්දි, සිදු කරන්නට යෙදෙන හපන්කම් ඔබව සිනා සයුරක ගිල්ලාවි.

දිනක් රාත්‍රියේ ඔහු බණ ගෙදරක යයි. හාමුදුරුවන්ගේ කාමරයට පැමිණෙන බල්ලන් එළවීම ඔහුට බාර වෙයි. ඔහුට තද නිදිමතක් දැනෙයි. වට පිට බලනා ඔහු හාමුදුරුවන් සඳහා පිළියෙළ කර ඇති ඇඳ දකියි. මදක් ඇලවෙන්නට සිතන ඔහු ඇඳට ගොඩවෙයි. ටික වෙලාවකින් සැර පරුෂ හාමුදුරුනමක් කාමරයට වඩියි.

තවත් දිනෙක පාසලේදී බලෙන් පොරක් වෙන්නට දත කන්නෙකුට පාඩමක් ඉගැන්වීමට සිතයි. පාසල් ගෙවත්තේ වැඩ කිරීමට අනිත් අයට පෙර සැමදාම පාසැල වෙත යන මෙම 'පොර' උදැසනම ගබඩා කාමරය ඇර උදලු ආදිය ලබාගනී. දිනක් මෙම පොර පැමිණීමට පෙර පාසැල වෙත යන අපගේ කතා නායකයා බාල්දියකට ගොම දියකර දොර අරින විට ඔහුව නැහැවී යන පරිද්දෙන් දොර උඩින් ගොම බාල්දිය තබයි. තවත් සුළු මොහොතකින් 'පොර' ගොමවලින් නැහැවී යනු දකින රිසියෙන් ඔහු අසල තුරු වදුලක සැඟවෙයි. අවාසනාවක මහත... විදුහල්පතිතුමා ගබඩා කාමරය තුළට පිවිසෙයි.

මෙවන් සොඳුරු ළමා කාලයක් ගතකරන කතා නායකයා පසු කලෙක නගරයේ පාසැල වෙත යයි. එහි දී බෝඩින් ගතවන ඔහු තවත් හපන්කම් රාශියක සොදුරු සුවඳ අත්විඳියි.

චිත්තර මහත්තයා, නයි මිරිස්, දොර දිගේ යාම, සීනිබෝල වෙදා ආදී විවිධ රස කතා මවනා සොඳුරු ලොවක අසිරිය මා කෙසේ නම් විඳගන්න ද... :-(








4 comments:

  1. මේක නම් කියවලා නෑ...
    මගේ ආසම පොත තමා ඈ හෙවත් අයේෂා...
    රුසියන් පොත් ගැනත් ලියන්ඩ..

    ReplyDelete
  2. කියවලා බලන්න. පට්ට ලස්සන පොතක්. රුසියන් ඒවා ගැනත් ළඟදීම ලියන්නම්කෝ ... :-)

    ReplyDelete
  3. ගොඩක් ඉස්සර කියෙව්වෙ.. පුස්තකාලෙන් අරන්... දැන් ගොඩක් කල් ඉඳන් ගන්න් හොයනවා තාම හම්බ වුනෙ නැහැ...

    ReplyDelete
  4. වටිනා ඔත්තුවක් පොත්.............. හොයාගන්න ට්‍රයි කරනවා

    ReplyDelete