Sunday, April 19, 2015

අපේ ගමේ විත්ති - පියසේන කහඳගමගේ


ගම්බද සිරියාව අපුරුවට මනසෙහි සිත්තම්වන ගෙත්තමක්...

වියැකී ගිය පැරණි ගමක පැවති සොඳුරු වූ ආශ්වාදය යලිත් විඳගන්නට නගරබදව කාර්යබහුල ජිවන රටාවකට හුරුවූ ඔබ බොහෝදෙනෙක් එක සිතින් මනාප ඇති.

වැව අද්දර කජු සෙල්ලං කර මහන්සි වූ විට පින්තලියෙන් පැන් පොදක් තොල ගාන්නට...

සුවාරිස් මුත්තාගේ පිඟානෙන් බතල කා රුකඩ සෙල්ලම් බලන්න යන්ට...

පෙරහැර බලා සල්පිලෙන් බඩු ගන්න...

කරත්ත කාරයින්ගේ කඩෙන් තේ බී කිතලගමට නෑගම් යන්ට...

තවත් අටුවා ටීකා මොටද...

කහඳගමයන්ගේ මේ සොඳුරු රචනය අදින් වසර හැටකට පමණ එහා වූ සොඳුරු ගම්මානයකට නෑගම් යාමට අවැසි ඔබ සඳහාමයි...

2 comments:

  1. ගැමි ජීවිත බොහෝ තෘප්තිමත් වෙන්නේ සොබාදහමට සමීප ජීවන රටාව නිසා.

    ReplyDelete
  2. මේ විශිෂ්ඨ ලේඛකයා මා උපන් ගමට නුදුරු ගමක උපත ලැබූවෙකි..මොහුගේ මෙම ග්‍රන්ථය මා කියවූ පසුයි මට දැනුනේ මොහු මොනතරම් අව්‍යාජ ලේඛකයෙක් ද යන වග.ඒ මක්නිසාද යත් මොහුගේ ලමා කාලයේ අත්දැකීම් වලට බොහෝ ලෙසට සමාන අත්දැකීම් සහිත ලමා කාලයක් මා හටද තිබුණු බැවිනි.මේ අපේ ගමේ විත්ති ග්‍රන්ථය විසින් එය කියවන පුද්ගලයාව අතිශයින් සුන්දර අතීත දකුනුලක ගමක ජීවත් කරවන අතර එහි කෙලිදෙලෙන් පසුවන කොලු ගැටයකු එම ජීවිතයේ මිහිර සොයන අයුරු ඔබටම විදින්නට සලස්වයි...එදා මෙදා තුර සිරිලක බිහිවූ විශිෂ්ඨම ගැමි ලමා කතාව මෙය බව මාගේ හැගීමයි...අපේකම රැකගැනීමට අමිල මෙහෙවරක් ඉටුකල සොඳුරු මිනිසානනි...ඔබ සදා අමරණීයයි......................................

    ReplyDelete