Saturday, November 29, 2014

The Day of the Jackal - Frederick Forsyth (වෘකයාගේ දවස - අභය හේවාවසම්)

පහළොස් වන දිගහැරුම...

රයිෆලයක් අතින් ගත්, රටක අනාගතය වෙනස් කල හැකි මිනිසෙක්...

ජනපතිවරයෙකු ඝාතනය කිරීමේ අතිශය රහස් කුමන්ත්‍රණයක්... 

තවත් මිනිත්තු කිහිපයකින් සිදුවන්නට නියමිත කුරිරු ඝාතනයක්... 

නමුත් එම ඝාතන තැත වැළක්වීමට සමතෙක් අහලකවත් නැත...

රනින් දිදුලන කෙස් කළඹක් වටකොට ගත් අතිශය තියුණු නෙත් සඟලක් හිමි ඔහුගේ සැබෑ නම අදටත් රහසකි. 
අපි ඔහුට  Jackal කියමු. 

තවකෙකු වෙනුවෙන් කුලියට තවත් එකෙකු මරාදැමීම ජීවිකාව කරගත් ඔහු ඉංග්‍රීසි ජාතිකයෙකි. 

වෘත්තීය කුලී ඝාතකයන් අතළොස්ස අතරේ අන් කිසිවෙකු හා අසම සමව ඉහළින්ම වැජඹෙන ඔහු ගැන වතගොත දත් ආරක්ෂක සංවිධානයක් යනු හුදෙක් සිහිනයක් ම පමණි. 

ඉඳින් ඔහුගේ කර්යශුරත්වය ගැන තවත් වර්ණනා කුමටද... 

කිසිදා නොවැරදුනු ඉලක්කයක් ඇති ඔහුගේ සුක්ෂම දෑතට මෙවර ලැබෙන්නේ දැඩි ආරක්ෂක රැකවල් මැද දිවි ගෙවනා මිනිසෙකු ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුවකි...



මිල : සිංහල පරිවර්තනය : රු. 300 සිට
         ඉංග්‍රීසි : රු.1200 යි.

5 comments:

  1. ෆෙඩ්රික් ෆෝසයිත්ගේ වෘකයාගේ දවස කියෙව්වේ ඉස්කෝලේ යන කාලේ.....ඒ දවස් වල ඒක නියමයි කියලා හිතුවට යුධ බල්ලෝ, පලිගැනීමේ මෙහෙයුම වගේ ඒවත් එක්ක බලනකොට ඒකේ එච්චර ගතියක් නෑ....

    ReplyDelete
  2. කොහොමත් ෆෙඩිරික් ෆෝසයිත්ගේ පොත් වල සෑහෙන දිග විස්තර කිරීම් තියනවා.ඒ වුනත් ඇබ්බැහි වෙන තරම් සුපිරි කතා සෙට් එකක්. වුර්කයාගේ දවස මමත් මුලින්ම කියවපු ෆෙඩ්‍රික්ගේ පොත. එක පාරක් නෙවෙයි විසි තිස් වතාවක් කියවලා ඇති. ඒ වුනත් ඒකෙ "ගතිය" අඩු වෙන්නේ නෑ කියලයි මට හිතෙන්නේ. 1060 ගනන් වල තාක්ශණය හා ඒ වටපිටාව අනුව ඒක තමයි සුපිරිම පොත කියලා හිතෙනවා.( සිරකරුවා සහ ඔත්තුකරුව දක්වා ඔක්කොම පොත් ටික කියවූවට පස්සෙත් )

    ReplyDelete
  3. මට වෘකයාගේ දවස (The Day of the Jackal) කියවන්න ලැබුණෙ විශ්ව විද්‍යාල ප‍්‍රවේශය අපේක්ෂාවෙන් ගෙදර ඉන්න කාලෙ. ඒ කතාව කොයිතරම් දුරට මාව ඇද බැද ගත්තද කිව්වොත් කතාවෙ අන්තිමට වෘකයා සාර්ථක වෙනවනම් කියල මම ප‍්‍රාර්ථනා කළා. වෘකයාගේ දවස තමයි මට හිතෙන හැටියට සිංහලයට පරිවර්තනය වුණ ෆෝසයිත් ගෙ පොත් අතරින් සාර්ථකම පොත. මාව ෆෝසයිත් රසිකයෙක් කළේ ඒ පොත.

    ReplyDelete
    Replies
    1. ලේඛකයෙකු වශයෙන් ෆොසයිත් මහතා අති සාර්ථකයි... ඇද බැඳ තබාගැනීමේ හැකියාව අති විශිෂ්ඨයි...

      Delete
  4. machan meke E-Book ekak dhanna barida?........

    ReplyDelete