Saturday, November 22, 2014

The Witness by Nora Roberts

දාහතර වන දිගහැරුම....

කුතුහලය අවුස්සන භයංකර අභිරහසක් හා සුන්දර ආදරයක් අතරට මැදිව දිවිගෙවනා ඇයට සැමදා සැඟව සිටිය නොහැකියි.

තම මවගේ දැඩි පාලනයට නතුව දිවි ගෙවූ එලිසබෙත්, ඈ නොමැති එක් දිනෙක රාත්‍රී සමාජ ශාලාවක් වෙතට පිය නඟයි. එහිදී ඈ ඇති පදමට රහ මෙරින් සප්පායම් වෙයි. මත් වී සිටිනා ඈ වෙත පැමිණෙන එක්තරා රුසියානුවෙක්   Lake Shore Drive නමින් හැඳින්වෙන පෙදෙසක ඇති නිවසක් තුළට ඈ කැඳවාගෙන යයි. එතැනින් පසු සිදුවන සිද්දි දාමයක් ඇගේ ජීවිතය සදහටම වෙනස් කිරීමට සමත් වෙයි.

දොළොස් වසරක් ගතවෙයි.

Ozarks හි කුඩා නගරයක් ආසන්නයෙහි  ජිවත්වන,  නමින් Abigail Lowery වන  තවත් එක් කාන්තාවක්  වෙත  කතෘතුමිය තම පන්හිඳ මෙහෙයවයි. නිවාස ආරක්ෂක පද්ධති සැලසුම් කරනා ඈ පරිගණක ක්‍රමලේඛ ශිල්පිනියක වෙයි. ස්වකීය ආරක්ෂාව සඳහා රුදුරු සුනඛයෙකු සහ ගිනි අවි ළඟ තබා ගන්නා ඈ මෙතරම් ආරක්ෂාවක් ඈ වෙත අවැසි වන්නේ මන්දැයි කිසිවෙකු හා නොපවසයි. 

වැඩි ආරක්ෂාවක් සහිතව, කිසිවෙකු හා වැඩි සම්බන්ධයකින් තොරව ඈ ගෙවනා රහස්‍ය ජීවිතය කුමටදැයි   ප්‍රාදේශීය පොලිස් ප්‍රධානි Brooks Gleason නොයෙක් වර සිතයි. කාගෙන් හෝ වියහැකි අන්තරාවක් ගැන බියෙන් ඈ කල් ගෙවන්නේ ද??? ලොවට හෙළිකළ යුතු අපරාධයක සුළ මුළ ඈ දන්නේ ද???  

මේ අතර ඔහු ඈ හට ආලය කිරීමට සැරසෙයි.

No comments:

Post a Comment