Sunday, November 2, 2014

Nothing Lasts Forever - Sidney Sheldon


දොළොස් වන දිගහැරුම...

නමින් ඈ Paige  ය. හෘද හා උරස් ශල්‍ය වෛද්‍යවරියක( Senior resident in Cardio thorasic surgery) විම සඳහා වූ අවසන් පුහුණු කාලය ගත කල ඈ සැම සිත් ගත් සුන්දර තරුණියක වුවාය. අසරණ රෝගීන් කෙරෙහි වෙඩරු පිඩක් මෙන් සැනෙන් උණුවන හදවතක් දරා සිටි ඈ කිසි දිනෙක මුදල් පසු පස හඹා නොගියාය. මඩිය තර කරගැනීම නම්වූ පහත අරමුණ සපත කරගැනීමේ මන්ද මානසිකත්වයෙන් රෝගීන්ට ප්‍රතිකාර කිරීම ඈ සැමවිටම පිළිකුල් කළාය. 

ශ්‍රී ලාංකීය අප වෛද්‍යවරුන්ට දෙවි වරුන්ට මෙන් සැළකුවත් දියුණු යැයි කියාගන්නා අපරදිග වැසියන් එසේ නොවේ. ඔවුන්ට වෙදුන් යනු තවත් එක් වෘතිකයන් පිරිසක් පමණි. අප මෙන් විශේෂ ගරු කිරීමක් කරන්නේ නැත.


දිනක් Paige ප්‍රතිකාර කිරීමට යන හෘද රෝගියෙකු ඈට අතිශය අකාරුණික ලෙස ආමන්ත්‍රණය කරයි. මේ බැ*ලි ද මට බෙහෙත් දෙන්නේ???  


ඔහු වේදනාවෙන් පෙළෙන එක් දිනෙක ශල්‍යකර්මයක් සිදු කොට පපු කුහරය විවර කර බලනා ඈ දකින්නේ  අවසන් අදියරේ වූ පිළිකාවකින් ඔහුගේ හෘද වස්තුව දරුණු ලෙස හානි වී ඇති බවකි. පිළිකා පිළිඹඳ විශේෂඥ වෛද්‍යවරයාගේ අදහස අනුව ඔහුට ජීවත් වීමට ඉතිරි ව ඇත්තේ උපරිම වශයෙන් තවත් දෙසතියක කාලයකි.


Paige හට ඔහු කළ අකාරුණික ආමන්ත්‍රණය එදවසින් පසු ලයාන්විත හැඟුම්බර ආමන්ත්‍රණයක් බවට පෙරලෙයි. උහුලාගත නොහැකි තරම් වූ අතිශය වේදනාවෙන් පෙලෙනා ඔහු ඇගෙන් ඉල්ලන්නේ එකම එක අහිංසක ඉල්ලීමකි. 


බෙහෙතක් විද මා මරා දමන්න. මා කෙසේ මේ වේදනාව තවත් ඉවසා සිටින්නද...


එදින සැන්දෑ යාමයේදී ඈ ඔහුගේ ඉල්ලීම ඉටුකරයි.


සතියක ඇවෑමෙන් ඈ හට දැනගැනීමට ලැබෙන්නේ ඩොලර් මිලියනයක් පමණ වන ඔහුගේ මුළු බුදලයම ඈ හට පවරා ඇති බවකි. 


මේ බව දැනගන්නා ඔහුගේ පවුලේ අය , මුදල් ලබාගැනීම පිණිස ඈ ඔහු ඝාතනය කල බවට පැමිණිලි කරයි.


එය සත්‍යයක් නම් දඬුවම මරණයයි. ඔවුන්ගේ ඒකායන අරමුණ වන්නේ ද එයයි.


ඔහු පෙරදී ඈ හට කළ අකාරුණික ආමන්ත්‍රණය ගැන පමණක් දන්නා සියල්ලෝම සිතන්නේ ද නොවැරදීම ඈ වරදකරු වන බවයි.


මේ පළමු පිටු කිහිපයේදී දිගහැරෙනා සිද්දි දාමයයි. ඇගේ ඉරණම දැනගැන්මට කුහුලින් පෙළෙන පාඨක අප ඉදිරියේ ඉනික්බිතිව දිගහැරෙන්නේ වෙනස්ම සිද්ධි දාමයකි. 


Paige ගෙවූ සුන්දර ළමා කාලය, ඇගේ ප්‍රථම ප්‍රේමය, වෛද්‍යවරියක වී රෝහල වෙත පැමිණෙන ආකාරය, එහිදී ඈ මුණගැසෙනා යහළුවන් සහ ඔවුන්ගේ අතුරු කතා, වෛද්‍යවරුන් ගත කරනා ඔබටත් මටත් සිතාගත නොහැකි අතිශය කාර්යබහුල වෙහෙසකර දින චර්යාව.


නමුත් මේ අනිකුත් වෘත්තාන්ත සියල්ල අවසානයේදී Paige ගේ ඉරණම වෙත පාඨක අප යොමු කරයි. 

9 comments:

  1. හොඳ පොතක් වගේ.
    ඉංග්‍රීසි පොතක් කියවපු කාලයක් මතක නෑ. බ්ලොග් ලියන්න පටන්ගත්තට පස්සේ පොත් කියවීම හොඳටම අඩුවෙලා ගිහින්.

    ReplyDelete
    Replies
    1. කියැවීම අඩු කරගත්ත එක නම් අපරාදේ...

      Delete
  2. Replies
    1. අයියගේ බ්ලොග් එකට හැමදාම පොස්ට් දාන්නකෝ...

      Delete
  3. කියවන්න උණ ඇතිකලා...

    ReplyDelete
    Replies
    1. එච්චර අසාවෙන් නෙවෙයි මේ පොත අතට ගත්තේ. ඒත් පිටුවක් දෙකක් කියවද්දී පොතත් එක්කම ජිවත් උනා... මාත් ඩොකෙක් උණා...

      Delete
  4. ෂෙල්ඩන්ගේ පොත් වලට මම සෑහෙන්න ආසයි..

    ReplyDelete