Sunday, December 21, 2014

The Choice - Nicholas Sparks

ඔහු Travis Parker ය.  

North Carolina හි මුහුදු වෙරළක් අබියස මනස්කාන්ත නිවස්නයක වාසය කළ ඔහු වටා කෙළිලොල් යහළුවන් පිරිසක් ද විය. බෝට්ටු පදිමින්, පිහිනමින්, එළිමහන් barbecue සාද පවත්වමින් ඔහු ගතකළ ජීවිතය බොහෝ මිනිසුන් හුදෙක් නිවාඩුවක දී පමණක් ම ගතකළ එකක් විය. 

දිගු කාලීන පෙම්වතියක් සොයාගැනීම වනාහි ඔහුගේ මෙම නිදහස් ජීවිතයට බාධා කරන්නක් බව ඔහු තරයේ ම විශ්වාස කළේය. 

නමුත් ඒ Gabby Holland ඔහුගේ යාබද නිවසට පැමිණෙන තුරු පමණි. 

අසල්වැසියෙකු ලෙසින් ඈ හා මිතුරු වන්නට ඔහු දැරූ වැයම තුට්ටුවකට මායිම් නොකළ ඈ  කිසිවිටෙකත් ඔහු හා මිතුරු ලීලාවෙන් කතාබස් කලේ නැත. 

පරම සතුරෙකුට මෙන් තමන්ට සලකන ඇගෙන් එහි වාරුව කෙසේ හෝ ගනිමියි නොයෙක් වර සිතු ඔහු ඒ සඳහා නොකළ දෙයක් නම් නැත.  

නමුත් එකී ක්‍රියාදාමයන් අවසානයේදී සිදුවන්නේ වෙනකකි. 

ඈ  ඔහු හා පෙමින් බැඳෙයි. 

නමුත් ඈ  හට වෙනත් පෙම්වතෙකි. 

ඉඳින් කෙතරම් කාලයක් පුරාවට මේ නව යුවලට තම අදර කතාවේ සොඳුරු පිටු ගියෙන් සිත්තම් කරන්නට වරම් ලැබේවි ද???   

2 comments:

  1. හරිම වැදගත් ඔත්තුවක්................. බ්ලොගය නියමයි

    ReplyDelete