Sunday, October 26, 2014

ගැට කපන පුංචා - වෛද්‍ය චන්දන මෙන්ඩිස් ,Smith - Lion Garfield

එකොළොස් වන දිගහැරුම...

මිනිසුන් සියගණනින් ඔබ මොබ ඇවිදින ජරාජිර්ණවී ගිය විදී ඔබ කොතෙකුත් දැක ඇති.

මනු සතුන්ගෙන් මෙන්ම සතුන්ගෙන් ද ගහන එවන් අපුල විදී ස්වකීය වාසස්ථානය කරගත් මිනිසුන් ද ඔබ ඕනෑ තරම් දැක ඇති. 

ඔබේ දෑස අවදි කර බැලුවා නම් නාවර පෙරාගත් චූටි කොල්ලන් ද ඒ අතර සිටිනු ඔබේ නෙත ගැටෙන්නට ඇති. 

ඒ 18 වන ශත වර්ෂයයි. ස්ථානය ලන්ඩනයේ අඳුරු අහු මුළු ය.

දැලි රවුල් කෙටිය වත් හරි හැටි නොවැඩුණු වැරහල්ලකින් හෙළුව වසාගත් අපේ කතා නායක කොලු ගැටයා නමින් ස්මිත් පමණක්ම විය. 

ගැට කැපීම වූ කලී ඔහු ප්‍රගුණ කළ ශිල්පය විය. ඔහුගේත් පවුලේ අයගේත් කුසගින්න නිවාලූ ශිල්පය විය.

දිනක් ස්මිත් නාදුනන මිනිසෙකුගේ පසුම්බියක් සොරකම් කරයි. තත්පර කිහිපයක ඇවෑමෙන්  එම නාදුනන මිනිසා තවකෙකු අතින් ඝාතනයට ලක්වෙයි. 

නමුත් ඔවුන්ට අවැසි දෙය දැන් ඇත්තේ ස්මිත් සතුවය. 

මිනිසෙකුව පරලොව යවන්නට තරම් හැකියාවක් තිබු පසුම්බිය සොයා දෙදෙනෙක් ස්මිත් පසු පස ඉව අල්ලයි. 

උපක්‍රමශීලිව ඔවුන් මඟහැර යාමට ස්මිත් සමත් වෙයි. 

මිල්ලේ සොයා පසුම්බිය ඇර බලන ස්මිත් එහි වූ ලියවිල්ලක් සොයාගනියි. 

නමුදු ලියන්නට හෝ කියවන්නට නොදත් ස්මිත් හට එය තවත් එක් ලියවිල්ලක් පමණක් ම විය. 

එහෙත් මෙහි වූ අභිරහස් පණිවුඩය කවදා හෝ දැන ගැනීමට සිතන ස්මිත් එය සුරැකිව තබා ගනී. 

ලන්ඩනයේ අඳුරු මං මාවත් හා ධනපතීන් වෙසෙනා පෙදෙස් ඔස්සේ ඔබ මොබ යන ස්මිත් හට දිනක් ඇස් නොපෙනෙන ධනවත් මිනිසෙක් මුණ ගැසෙයි. 

ස්මිත් තම නිවසට කැඳවාගෙන යන ඔහු ස්මිත්ට අකුරු කියාදෙයි. 

නමුත් තවමත් ඝාතකයක් ස්මිත් පසුපස... 

ධෛර්යය හා අධිෂ්ඨානය එක ලෙස කැටි කොට ගත් පුංචි ස්මිත් දැන ගන්නා ලියවිල්ලෙහි වූ රහස කුමක්ද???

5 comments:

  1. ඔබව අදයි ඇස ගැටුනේ. ඔබේනම මට හරියනවා. ඇත්හටම මමත් පොත් ගුල්ලෙක්. ඔබේ සටහන් මට ගොඩක් වටීවී.

    ඔන්න ෆලෝ පාරක් දැම්මා. බ්ලොග් රෝලකුත් එල්ලගමු.

    ReplyDelete
  2. උඹ මේකේ ලියන්නෙම මමත් කියවල තියෙන පොත්නේ. පට්ට ලස්සන පොතක්. ඕක මගේ පොඩි පුතා දියවෙනකන්ම කියෙව්වා.
    හුටා උඹ බ්ලොග් රෝලක් එල්ලල නැහැ නේද? එල්ලාපන් එල්ලාපන් ඒවා යුතුකම්

    ReplyDelete
    Replies
    1. වැරදියි... මගේ දිගහැරුම් එකොළහෙන් උබ බාගයක් වත් කියවලා නෑ...

      Delete
  3. නවක බ්ලොග් කරුවාට තරහ අවසරයි... ඔන්න ඒකත් එල්ලුවා එහෙනම්...

    ReplyDelete