
මනු සතුන්ගෙන් මෙන්ම සතුන්ගෙන් ද ගහන එවන් අපුල විදී ස්වකීය වාසස්ථානය කරගත් මිනිසුන් ද ඔබ ඕනෑ තරම් දැක ඇති.
ඔබේ දෑස අවදි කර බැලුවා නම් නාවර පෙරාගත් චූටි කොල්ලන් ද ඒ අතර සිටිනු ඔබේ නෙත ගැටෙන්නට ඇති.
ඒ 18 වන ශත වර්ෂයයි. ස්ථානය ලන්ඩනයේ අඳුරු අහු මුළු ය.
දැලි රවුල් කෙටිය වත් හරි හැටි නොවැඩුණු වැරහල්ලකින් හෙළුව වසාගත් අපේ කතා නායක කොලු ගැටයා නමින් ස්මිත් පමණක්ම විය.
ගැට කැපීම වූ කලී ඔහු ප්රගුණ කළ ශිල්පය විය. ඔහුගේත් පවුලේ අයගේත් කුසගින්න නිවාලූ ශිල්පය විය.
දිනක් ස්මිත් නාදුනන මිනිසෙකුගේ පසුම්බියක් සොරකම් කරයි. තත්පර කිහිපයක ඇවෑමෙන් එම නාදුනන මිනිසා තවකෙකු අතින් ඝාතනයට ලක්වෙයි.
නමුත් ඔවුන්ට අවැසි දෙය දැන් ඇත්තේ ස්මිත් සතුවය.
මිනිසෙකුව පරලොව යවන්නට තරම් හැකියාවක් තිබු පසුම්බිය සොයා දෙදෙනෙක් ස්මිත් පසු පස ඉව අල්ලයි.
උපක්රමශීලිව ඔවුන් මඟහැර යාමට ස්මිත් සමත් වෙයි.
මිල්ලේ සොයා පසුම්බිය ඇර බලන ස්මිත් එහි වූ ලියවිල්ලක් සොයාගනියි.
නමුදු ලියන්නට හෝ කියවන්නට නොදත් ස්මිත් හට එය තවත් එක් ලියවිල්ලක් පමණක් ම විය.

ලන්ඩනයේ අඳුරු මං මාවත් හා ධනපතීන් වෙසෙනා පෙදෙස් ඔස්සේ ඔබ මොබ යන ස්මිත් හට දිනක් ඇස් නොපෙනෙන ධනවත් මිනිසෙක් මුණ ගැසෙයි.
ස්මිත් තම නිවසට කැඳවාගෙන යන ඔහු ස්මිත්ට අකුරු කියාදෙයි.
නමුත් තවමත් ඝාතකයක් ස්මිත් පසුපස...
ධෛර්යය හා අධිෂ්ඨානය එක ලෙස කැටි කොට ගත් පුංචි ස්මිත් දැන ගන්නා ලියවිල්ලෙහි වූ රහස කුමක්ද???