Sunday, April 19, 2015
අපේ ගමේ විත්ති - පියසේන කහඳගමගේ
ගම්බද සිරියාව අපුරුවට මනසෙහි සිත්තම්වන ගෙත්තමක්...
වියැකී ගිය පැරණි ගමක පැවති සොඳුරු වූ ආශ්වාදය යලිත් විඳගන්නට නගරබදව කාර්යබහුල ජිවන රටාවකට හුරුවූ ඔබ බොහෝදෙනෙක් එක සිතින් මනාප ඇති.
වැව අද්දර කජු සෙල්ලං කර මහන්සි වූ විට පින්තලියෙන් පැන් පොදක් තොල ගාන්නට...
සුවාරිස් මුත්තාගේ පිඟානෙන් බතල කා රුකඩ සෙල්ලම් බලන්න යන්ට...
පෙරහැර බලා සල්පිලෙන් බඩු ගන්න...
කරත්ත කාරයින්ගේ කඩෙන් තේ බී කිතලගමට නෑගම් යන්ට...
තවත් අටුවා ටීකා මොටද...
කහඳගමයන්ගේ මේ සොඳුරු රචනය අදින් වසර හැටකට පමණ එහා වූ සොඳුරු ගම්මානයකට නෑගම් යාමට අවැසි ඔබ සඳහාමයි...
Tuesday, April 14, 2015
සුරිය කුසුම - චුලාභය ශාන්ත කුමාර හේරත්
එක හුස්මට කියවා අවසන් කල පොතක් පැයක් ගතවීමටත් මත්තෙන් යලිත් අතට ගෙන තවත් වරක් එක හුස්මට කියවා ඉවර කොට තිබේද??? මේ මං එහෙම කියවපු පොතක්...
තම මා පියන්, නෑ හිත මිතුරන් කොහේ සිටී දැයි කිසිදා නොදත් ඈ ඒ දක්වා වාසය කළේ එවැන්නන් සඳහා ම වෙන් වූ නිවස්නයක ය. එකී නිවස්නයේ එක්තරා නීතියක් වෙයි. එහි කිසිවෙකු වයස අවු: 21 සම්පුර්ණ කරයි ද ඕ කොළොම්තොට වූ ප්‍රධාන නිවස්නය වෙත ගොස් එහි අනුදැනුම යටතේ ස්වාධීන ජිවිතයක් ඇරඹිය යුතුය.
අපගේ කතා නායිකාව සිය විසි එක්වන ජන්මදිනයට පා තබන ඒ සොඳුරු දිනය වෙත කතෘතුමන් අපව රැගෙන යයි. ඈ එදින උදෑසනින් ම පාලිකාව වෙත කැඳවෙයි. ස්වකීය විස්තර අඩංගු ලිපිගොණුව ඈ අතට දෙන පාලිකාතෙමෝ එය කොළඹ නිවස්නයට භාරදෙන ලෙස පවසයි.
නිකමට මෙන් ලිපිගොණුව පෙරළා බලන ඈ දකින්නේ සුරියපුර අධිකරණයෙන් නිකුත් කල ඇගේ උප්පැන්න සහතිකයි. එකෙනෙහිම පැන නඟින තමන් කාගේ කවුරුන්දැයි කියා සොයා යාමේ හදිසි ආශාවකින් ඈ සිත වෙලා ගනියි.
කතාව අති ධාවනකාරී හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටයක විලාශයකට එළඹෙන්නේ එතැන් සිටය.
තමන් ගැන වද නොවන ලෙස ලිපියක් ලියා තබනා ඈ එදින මධ්‍යම රාත්රියේදී නිවස්නයෙන් පැනයයි. සුරියපුරය වෙත යන රාත්‍රී තැපැල් දුම්රියට අල්ලාගනු පිණිස ඈ පාළු වී ගිය මාවත් ඔස්සේ අඳුරේම දුම්රිය ස්ථානය වෙත පිය නඟයි.
මේ අතර මධ්‍යම රාත්රියේදී තනිවම ගමන් ගන්නා ඈ දකිනා මුර සංචාරයේ යෙදෙන පොලිස් භටයන් දෙදෙනෙක් සැක සිතී ඈ පසු පස ලුහුබඳියි.
ඔවුන්ට පෙර දුම්රිය ස්ථානය තුළට රිංගා ගන්නා ඈ අසුනක තනිවම ඉඳගෙන සිටිනා තරුණයෙකු දැක ඔහු අසලින් හිඳ ගනියි. පොලිස් භටයන් පැමිණි විට තමන් සිය නැගණිය ලෙස හඳුන්වාදෙන ලෙස ඈ ඔහුට බැගපත් වෙයි.
මෙම තරුණයා මාධ්‍යවේදියෙකු බවද සුරිය පුරය බලා ගමන් කරන්නෙකු බවද දැන ගන්නා ඈ තම මව්පියන් සොයා ගැනීම සඳහා ඔහුගේ උදව් පතයි.
සුරියපුරයෙහි සිදුවන මහා වන සංහාරය පිළිබඳ ලිපියක් සැකසීමට එහි යන මෙම තරුණ මාධ්‍යවේදියා ඈ ට උදව් කිරීමට නොපැකිලව ඉදිරිපත් වෙයි.
ලිපිකරුවකු හරහා ඇගේ උප්පැන්න සහතිකයට අදාල අධිකරණ වාර්තා ලබාගන්නා ඔවුන් ඉන් ලබාගන්නා තොරතුරක් අනුව දෙමළ ලයිම් කාමරයක් සොයා යයි.
මේ අතර මත්කුඩු ජාවාරම්කරුවන් පිරිසක් පසුපස හඹා යන තරුණ මාධ්‍යවේදියා ඔවුන් පිලිබඳ වැදගත් තොරතුරු රැසක් පොලිසිය හමුවේ තබයි. මේ බව දැනගන්නා ජාවාරම්කරුවන් ඔහු හා උරණ වෙයි.
හදිසියේම, ඈ හමුවුණා යැයි කියවෙන දවසේම වැන් රියක් තුල සිදුවූ ත්‍රිත්ව ඝාතනයක් ගැන තොරතුරක් ලැබෙයි.
ලොමු දැහැ ගැන්වෙන සටන්, ත්‍රාසජනක ලුහුබැඳයාම්, හෙළි කරගැනීමට වෙර දරන අභිරහස් අතරේ අතරමන් වන පාඨක අප හීන් සීරුවේ ගලා යන සොඳුරු ආදර කතාවක කොටස් කරුවන් වීමට ද සිදුවේ...
විටෙක ඈ ඔහුට කෝළ කම් කරයි. විටෙක ඈ ඔහුගේ උර තලය මත සීරුවෙන් සැතපෙයි, තවත් විටෙක ඈ ඔහුත් සමඟ එකම නිවහනක වාසය කරයි...
පසු දිනෙක රාත්‍රියේ ගිනි අවි අත දරාගත් කුලී ඝාතකයන් පිරිසක් මෙම නිවහනට පැමිණෙයි.
බිහිසුණු දිනෙක රාත්‍රියේ දී දුරස්ථ පාලකයකින් ක්‍රියා කරවිය හැකි පටිගත කිරීමේ යන්ත්‍රයක් සැකකරුවන්ගේ නිදන කාමරයේ සැඟවීමට ඈ සමත් වෙයි.
බලාපොරොත්තු නොවන මොහොතක සැකකරුවෙක් ඈ හඳුනාගනියි.
මේ සියල්ල අතරේ ඈ සිය අවසන් ඉලක්කය වෙත ක්‍රමයෙන් ළඟාවෙයි...
ඔබ Dan Brown, James Hadley Chase, Edgar Rice Burroughs( Tarzan ) වැන්නෙකු ලියු ත්‍රාසජනක නවකථා කියවා තිබේද??? එක් පරිච්චේදයක් කුතුහලය දනවන තැනකින් අවසන් කරන රචකයා ඊළඟ පරිච්චේදය පටන් ගන්නේ එතැනින් නොව වෙනස්ම ඉසව්වක සිදුවන සිද්දි දාමයකිනි. කතාවේ අවසන් භාගය වෙද්දී මෙකි සිද්ධි දාමයන් සියල්ල එකිනෙක පැහි එකම ඉසව්වකට යයි... මේ ශෛලියෙන් ම උක්ත ලෝ ප්‍රකට ලේඛකයන්ට නොදෙවනිව ලියැවුණු සුරිය කුසුම තවත් වරක් එක හුස්මට කියවන්නට ඔබට ද
සිතෙනු ඇත.

Sunday, April 5, 2015
මල්ලිගේ විත්ති - ගුණදාස ලියනගේ
ඔබ වැඩිම වාරයක් කියවා ඇති පොත කුමක්දැයි කවුරුන් හෝ ඇසුවහොත් ඔබේ පිළිතුර කුමක්ද? මේ තමයි මගේ පිළිතුර. :-)
කෙටි කතා සමුච්චයකින් ගොඩ නැංවෙන මේ මහා කතාන්දරයේ ගැබ්ව ඇති සොඳුරු ගැමි සුන්දරත්වය සහ සරල හාස්‍ය රසය, ඔබව වෙනත් ලොවක් වෙත රැගෙන යාවි.
ඒ හැටේ දශකයයි. ස්ථානය අද දවසේ පවතී දැයි සැක සහිත සොඳුරු ගම්මානයකි.
රසකතා සියල්ල පාඨක අපට පවසන්නේ ඉස්කෝලේ තුන වසරේ පමණ සිටී යැයි සිතිය හැක්කෙකි.
ඔහු හා ඔහු වටා සිටි පිරිස මුහුණ දෙන ඇබැද්දි, සිදු කරන්නට යෙදෙන හපන්කම් ඔබව සිනා සයුරක ගිල්ලාවි.
දිනක් රාත්‍රියේ ඔහු බණ ගෙදරක යයි. හාමුදුරුවන්ගේ කාමරයට පැමිණෙන බල්ලන් එළවීම ඔහුට බාර වෙයි. ඔහුට තද නිදිමතක් දැනෙයි. වට පිට බලනා ඔහු හාමුදුරුවන් සඳහා පිළියෙළ කර ඇති ඇඳ දකියි. මදක් ඇලවෙන්නට සිතන ඔහු ඇඳට ගොඩවෙයි. ටික වෙලාවකින් සැර පරුෂ හාමුදුරුනමක් කාමරයට වඩියි.
තවත් දිනෙක පාසලේදී බලෙන් පොරක් වෙන්නට දත කන්නෙකුට පාඩමක් ඉගැන්වීමට සිතයි. පාසල් ගෙවත්තේ වැඩ කිරීමට අනිත් අයට පෙර සැමදාම පාසැල වෙත යන මෙම 'පොර' උදැසනම ගබඩා කාමරය ඇර උදලු ආදිය ලබාගනී. දිනක් මෙම පොර පැමිණීමට පෙර පාසැල වෙත යන අපගේ කතා නායකයා බාල්දියකට ගොම දියකර දොර අරින විට ඔහුව නැහැවී යන පරිද්දෙන් දොර උඩින් ගොම බාල්දිය තබයි. තවත් සුළු මොහොතකින් 'පොර' ගොමවලින් නැහැවී යනු දකින රිසියෙන් ඔහු අසල තුරු වදුලක සැඟවෙයි. අවාසනාවක මහත... විදුහල්පතිතුමා ගබඩා කාමරය තුළට පිවිසෙයි.
මෙවන් සොඳුරු ළමා කාලයක් ගතකරන කතා නායකයා පසු කලෙක නගරයේ පාසැල වෙත යයි. එහි දී බෝඩින් ගතවන ඔහු තවත් හපන්කම් රාශියක සොදුරු සුවඳ අත්විඳියි.
චිත්තර මහත්තයා, නයි මිරිස්, දොර දිගේ යාම, සීනිබෝල වෙදා ආදී විවිධ රස කතා මවනා සොඳුරු ලොවක අසිරිය මා කෙසේ නම් විඳගන්න ද... :-(

Sunday, March 1, 2015
ගොඩානා / සරණ පතා මහ පාරට...The Garbage King - Elizabeth Laird...
ඒ වූ කලී ඉතියෝපියාවේ අඩිස් අබාබා නගරයයි. හේ නමින් මැමෝ විය. භද්‍ර යෞවන වියේ සිටි ටිගිස්ට් මැමෝගේ සොයුරිය ය. මුන් දෙදෙනා අපට හමුවන්නේ උන්ගේ මව මියගොසින් සතියක ඇවෑමෙනි. පිය සෙනෙහස යනු උන් කිසිදා අසා නොමැති වදනක් බව මා ඔබට කියන්නම්. කුලී නවාතැන් පොළක සිටියද මෙතෙක් කල් උන්ගේ මව මේ දෙදෙනා කවා පොවා ඇතිදැඩි කොට ආරක්ෂා කළාය. නවාතැන් පොළෙහි මාසික අයකිරීම ද නිසි කල්හි පියෙව්වාය. නමුත් ඒ මව ජීවත්ව සිටි කාලයේ දී ය.
" අපි දෙන්නා පරිස්සම් නො වුනොත්... සිහි කල්පනාවෙන් වැඩ නො කළොත්... අපටත් ලගින්ට වෙන්නේ මහ පාරේ තමයි."
දින කිහිපයක ඇවෑමෙන් මැමෝ වහල් මෙහෙයට විකිණෙයි. නමුත් ඔහු එතැනින් පැනයයි. අනතුරුව ඔහු විදී දරුවෙකු ලෙසින් යලි උපදියි.
පරිච්චේද කිහිපයකට පසුව අපට මුණගැසෙන ඩැනී, මැමෝ මෙන් නොව සුපිරි පැලැන්තියේ ජිවිතයක් ගත කල සම වයස් කුමාරයෙක් ම විය. අතට පයට සේවකයන් විය. යාන වාහන පමණක්ම නොව වෙනත් කිසිදු දෙයකින් ද අඩුවක් නොතිබූ වාසනාවන්තයෙක් විය. ඩැනී ද පිය සෙනෙහස නොහඳුනන්නෙකු විය. ඒ ඔහුගේ පියා ස්වකීය ව්‍යාපාර පාලනය කරමින් අතිශය කාර්යබහුල දිවි පෙවෙතක් ගත කල හෙයිනි. සියල්ල වෙනස් වන්නේ ඩැනීගේ මව ද හදිසියේ ඔහු හැරයාමත් සමගිනි.
පියා කෙරෙහි වූ කළකිරිම නිසාවෙන් ම සියළු යස ඉසුරු හැරදමන ඩැනී සිය සුඛෝපබෝගී නිවසින් පැන යයි. ටික දිනෙකට පසු ඔහුට ද සිදුවන්නේ විදී දරුවෙකු ලෙසින් තම ජිවන ගමන ආරම්භ කිරීමට ය.
දිනක් අහම්බෙන් මෙන් මේ දෙදෙන හදිසියේ මුණ ගැසෙයි. ඒත් සමඟම ගොඩනැගෙන උත්සාහය, අනොන්‍ය විශ්වාසය, පසුනොබසින දැඩි විර්යය සහ තවත් මානුෂීය ගුණාංග එක්තැන් වූ නැවුම් වුත් අපුර්වතම වුත් සුන්දර ලොවක් පාඨක අප හමුවේ ගොඩ නැගෙයි.
මේ අතර ටිගිස්ට් හදිසි ප්‍රේමයක නුරා බැලුම් අතරේ අතරමන් වෙයි...

Sunday, December 21, 2014
The Choice - Nicholas Sparks
ඔහු Travis Parker ය.
North Carolina හි මුහුදු වෙරළක් අබියස මනස්කාන්ත නිවස්නයක වාසය කළ ඔහු වටා කෙළිලොල් යහළුවන් පිරිසක් ද විය. බෝට්ටු පදිමින්, පිහිනමින්, එළිමහන් barbecue සාද පවත්වමින් ඔහු ගතකළ ජීවිතය බොහෝ මිනිසුන් හුදෙක් නිවාඩුවක දී පමණක් ම ගතකළ එකක් විය.
දිගු කාලීන පෙම්වතියක් සොයාගැනීම වනාහි ඔහුගේ මෙම නිදහස් ජීවිතයට බාධා කරන්නක් බව ඔහු තරයේ ම විශ්වාස කළේය.
නමුත් ඒ Gabby Holland ඔහුගේ යාබද නිවසට පැමිණෙන තුරු පමණි.
අසල්වැසියෙකු ලෙසින් ඈ හා මිතුරු වන්නට ඔහු දැරූ වැයම තුට්ටුවකට මායිම් නොකළ ඈ කිසිවිටෙකත් ඔහු හා මිතුරු ලීලාවෙන් කතාබස් කලේ නැත.
පරම සතුරෙකුට මෙන් තමන්ට සලකන ඇගෙන් එහි වාරුව කෙසේ හෝ ගනිමියි නොයෙක් වර සිතු ඔහු ඒ සඳහා නොකළ දෙයක් නම් නැත.
නමුත් එකී ක්‍රියාදාමයන් අවසානයේදී සිදුවන්නේ වෙනකකි.
ඈ ඔහු හා පෙමින් බැඳෙයි.
නමුත් ඈ හට වෙනත් පෙම්වතෙකි.
ඉඳින් කෙතරම් කාලයක් පුරාවට මේ නව යුවලට තම අදර කතාවේ සොඳුරු පිටු ගියෙන් සිත්තම් කරන්නට වරම් ලැබේවි ද???

Saturday, November 29, 2014
The Day of the Jackal - Frederick Forsyth (වෘකයාගේ දවස - අභය හේවාවසම්)
පහළොස් වන දිගහැරුම...
රයිෆලයක් අතින් ගත්, රටක අනාගතය වෙනස් කල හැකි මිනිසෙක්...
ජනපතිවරයෙකු ඝාතනය කිරීමේ අතිශය රහස් කුමන්ත්‍රණයක්...
තවත් මිනිත්තු කිහිපයකින් සිදුවන්නට නියමිත කුරිරු ඝාතනයක්...
නමුත් එම ඝාතන තැත වැළක්වීමට සමතෙක් අහලකවත් නැත...
රනින් දිදුලන කෙස් කළඹක් වටකොට ගත් අතිශය තියුණු නෙත් සඟලක් හිමි ඔහුගේ සැබෑ නම අදටත් රහසකි.
අපි ඔහුට Jackal කියමු.
තවකෙකු වෙනුවෙන් කුලියට තවත් එකෙකු මරාදැමීම ජීවිකාව කරගත් ඔහු ඉංග්‍රීසි ජාතිකයෙකි.
වෘත්තීය කුලී ඝාතකයන් අතළොස්ස අතරේ අන් කිසිවෙකු හා අසම සමව ඉහළින්ම වැජඹෙන ඔහු ගැන වතගොත දත් ආරක්ෂක සංවිධානයක් යනු හුදෙක් සිහිනයක් ම පමණි.
ඉඳින් ඔහුගේ කර්යශුරත්වය ගැන තවත් වර්ණනා කුමටද...
කිසිදා නොවැරදුනු ඉලක්කයක් ඇති ඔහුගේ සුක්ෂම දෑතට මෙවර ලැබෙන්නේ දැඩි ආරක්ෂක රැකවල් මැද දිවි ගෙවනා මිනිසෙකු ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුවකි...
මිල : සිංහල පරිවර්තනය : රු. 300 සිට
ඉංග්‍රීසි : රු.1200 යි.

Saturday, November 22, 2014
The Witness by Nora Roberts
දාහතර වන දිගහැරුම....
කුතුහලය අවුස්සන භයංකර අභිරහසක් හා සුන්දර ආදරයක් අතරට මැදිව දිවිගෙවනා ඇයට සැමදා සැඟව සිටිය නොහැකියි.
තම මවගේ දැඩි පාලනයට නතුව දිවි ගෙවූ එලිසබෙත්, ඈ නොමැති එක් දිනෙක රාත්‍රී සමාජ ශාලාවක් වෙතට පිය නඟයි. එහිදී ඈ ඇති පදමට රහ මෙරින් සප්පායම් වෙයි. මත් වී සිටිනා ඈ වෙත පැමිණෙන එක්තරා රුසියානුවෙක් Lake Shore Drive නමින් හැඳින්වෙන පෙදෙසක ඇති නිවසක් තුළට ඈ කැඳවාගෙන යයි. එතැනින් පසු සිදුවන සිද්දි දාමයක් ඇගේ ජීවිතය සදහටම වෙනස් කිරීමට සමත් වෙයි.
දොළොස් වසරක් ගතවෙයි.
Ozarks හි කුඩා නගරයක් ආසන්නයෙහි ජිවත්වන, නමින් Abigail Lowery වන තවත් එක් කාන්තාවක් වෙත කතෘතුමිය තම පන්හිඳ මෙහෙයවයි. නිවාස ආරක්ෂක පද්ධති සැලසුම් කරනා ඈ පරිගණක ක්‍රමලේඛ ශිල්පිනියක වෙයි. ස්වකීය ආරක්ෂාව සඳහා රුදුරු සුනඛයෙකු සහ ගිනි අවි ළඟ තබා ගන්නා ඈ මෙතරම් ආරක්ෂාවක් ඈ වෙත අවැසි වන්නේ මන්දැයි කිසිවෙකු හා නොපවසයි.
වැඩි ආරක්ෂාවක් සහිතව, කිසිවෙකු හා වැඩි සම්බන්ධයකින් තොරව ඈ ගෙවනා රහස්‍ය ජීවිතය කුමටදැයි ප්‍රාදේශීය පොලිස් ප්‍රධානි Brooks Gleason නොයෙක් වර සිතයි. කාගෙන් හෝ වියහැකි අන්තරාවක් ගැන බියෙන් ඈ කල් ගෙවන්නේ ද??? ලොවට හෙළිකළ යුතු අපරාධයක සුළ මුළ ඈ දන්නේ ද???
මේ අතර ඔහු ඈ හට ආලය කිරීමට සැරසෙයි.

Subscribe to:
Posts (Atom)