එකොළොස් වන දිගහැරුම...
මිනිසුන් සියගණනින් ඔබ මොබ ඇවිදින ජරාජිර්ණවී ගිය විදී ඔබ කොතෙකුත් දැක ඇති.
මනු සතුන්ගෙන් මෙන්ම සතුන්ගෙන් ද ගහන එවන් අපුල විදී ස්වකීය වාසස්ථානය කරගත් මිනිසුන් ද ඔබ ඕනෑ තරම් දැක ඇති.
ඔබේ දෑස අවදි කර බැලුවා නම් නාවර පෙරාගත් චූටි කොල්ලන් ද ඒ අතර සිටිනු ඔබේ නෙත ගැටෙන්නට ඇති.
ඒ 18 වන ශත වර්ෂයයි. ස්ථානය ලන්ඩනයේ අඳුරු අහු මුළු ය.
දැලි රවුල් කෙටිය වත් හරි හැටි නොවැඩුණු වැරහල්ලකින් හෙළුව වසාගත් අපේ කතා නායක කොලු ගැටයා නමින් ස්මිත් පමණක්ම විය.
ගැට කැපීම වූ කලී ඔහු ප්‍රගුණ කළ ශිල්පය විය. ඔහුගේත් පවුලේ අයගේත් කුසගින්න නිවාලූ ශිල්පය විය.
දිනක් ස්මිත් නාදුනන මිනිසෙකුගේ පසුම්බියක් සොරකම් කරයි. තත්පර කිහිපයක ඇවෑමෙන් එම නාදුනන මිනිසා තවකෙකු අතින් ඝාතනයට ලක්වෙයි.
නමුත් ඔවුන්ට අවැසි දෙය දැන් ඇත්තේ ස්මිත් සතුවය.
මිනිසෙකුව පරලොව යවන්නට තරම් හැකියාවක් තිබු පසුම්බිය සොයා දෙදෙනෙක් ස්මිත් පසු පස ඉව අල්ලයි.
උපක්‍රමශීලිව ඔවුන් මඟහැර යාමට ස්මිත් සමත් වෙයි.
මිල්ලේ සොයා පසුම්බිය ඇර බලන ස්මිත් එහි වූ ලියවිල්ලක් සොයාගනියි.
නමුදු ලියන්නට හෝ කියවන්නට නොදත් ස්මිත් හට එය තවත් එක් ලියවිල්ලක් පමණක් ම විය.
එහෙත් මෙහි වූ අභිරහස් පණිවුඩය කවදා හෝ දැන ගැනීමට සිතන ස්මිත් එය සුරැකිව තබා ගනී.
ලන්ඩනයේ අඳුරු මං මාවත් හා ධනපතීන් වෙසෙනා පෙදෙස් ඔස්සේ ඔබ මොබ යන ස්මිත් හට දිනක් ඇස් නොපෙනෙන ධනවත් මිනිසෙක් මුණ ගැසෙයි.
ස්මිත් තම නිවසට කැඳවාගෙන යන ඔහු ස්මිත්ට අකුරු කියාදෙයි.
නමුත් තවමත් ඝාතකයක් ස්මිත් පසුපස...
ධෛර්යය හා අධිෂ්ඨානය එක ලෙස කැටි කොට ගත් පුංචි ස්මිත් දැන ගන්නා ලියවිල්ලෙහි වූ රහස කුමක්ද???
Sunday, October 26, 2014
Sunday, October 19, 2014
Message in a Bottle - Nicholas Sparks
දසවන දිගහැරුම...
මුහුදට විසිකරනා කුඩා බෝතලයකට ඉනික්බිතිව අත්වන ඉරණම කුමක් විය හැකිද ?
සප්ත මහා සාගරය තරණය කරනා එය මිහිමඬලේ එහා කොන සිටින්නෙකුගේ වුව නෙත ගැටිය හැක.
පුවත්පත් තීරු ලිපි සම්පාදිකාවක ලෙස ගෙවනා වෙහෙසකර දිවියට මද විරාමයක් තැබීමේ අරමුණෙන් වෙරළ තීරයක් අභිමුවට පැමිණෙන වැන්දඹුවක වූ Theresa Osborne හට දිනක් මුහුදු වෙරළෙහි අද්දරට වන්නට තිබී එවන් කුඩා බෝතලයක් හමුවෙයි.
එහි වූ රෝල් කරන ලද ලිපියක් දකිනා ඈ හට එය කියැවීමට සිත්වෙයි.
"සදාදරණිය කැතරින්,හැමදාම වාගේ නුබ නැති පාළුව අදත් මගේ සිත තදින් ම වෙළාගෙන...ඒත් අද මහ කටුක දවසක්...දුක් අදෝනාවක් වැනි මහා මුසල ස්වරයකින් කෑගහන මේ මුහුදු රළ අපේ ඒ ආදර කතාව මට ආයෙමත් කොඳුරා කියන්නට වගෙයි හදන්නේ..."
මෙසේ සොවින් බරව වදන් ගලපනා ඔහු එක් නිමේෂයකින්ම ඒ දුක් ගීතය කුඩා බෝතලයක සිර කොට මහා සාගරයෙහි පාකර යවනුයේ තමන් හැරදා ගිය ඒ සොඳුරිය කැතරින් කෙරෙහි වූ කිසිදා නොමියෙනා ආලය පැවසීමට ඒ හැර වෙනත් කිසිදු ක්‍රමයක් ඔහු නොදත් නිසාවෙනි...
සිය ස්වාමි පුරුෂයා කෙරෙහි වූ අචල විශ්වාසය සිඳී බිඳී ගිය දා පටන් ආදරය නමින් හැදින්වෙන ඒ සොදුරු පහස අහිමිව කල් ගෙවූ Theresa උක්ත ලිපිය කියවීමත් සමගින් ඇගේ සිත වේලාගන්නා ප්‍රශ්නාර්ථයෙන් කැළඹීමට පත් වෙයි...
ඔහු කවුරුන් ද??කොහේ සිටින්නෙක් ද ??
මේ අභිරහස අභියෝගයක් බවට පත් කරගන්නා ඈ ස්වකීය සිතුවිලි ධාරාවන් පවසනා මං සළකුණු ඔස්සේ කිසිදිනෙක දැක නැති 'ඔහු' සොයා යාමට තීරණය කරයි...
උන්ගේ හදවත් පෙර භවයක පටන් එකිනෙක බැඳී තිබුනා සේය...
එක්තරා දිනෙක හිරු එළියෙන් ඔපවත් වූ කුඩා වෙරළබඩ නගරයකට පැමිණෙන ඈ හට අහඹු ලෙස ඔහු හමුවෙයි...
ඔහුගේ අතීත මතක සටහන් සහ අසීමිත ලෙස ශක්තිමත් හෝ ඛේදජනක ලෙසින් බිඳී යා හැකි හෝ සුන්දර ප්‍රේම කතාවක මතක පිටු අතරේ අතරමං වීමට, එහිම කොටස් කරුවන් වීමට පාඨකයන් වන අපට ඉනික්බිතිව සිදුවෙයි.

Sunday, October 12, 2014
One Night @ the Call Center - Chetan Bhagat හලෝ හලෝ - දිලීප ජයකොඩි
හේමන්ත ඍතුවේ එක්තරා දිනෙක රාත්‍රී දුම්රියක ගමනේ යෙදෙන ලේඛකයෙක් හට යව්වනියක මුණ ගැසෙයි.
ඒකාකාරී වුත් අතිශය වෙහෙසකර වුත් දුම්රිය ගමෙනේ ගමන් විඩාව දුරු කරගැනීම සඳහා ඔහු ඈ හා දොඩමලු වෙයි.
මා ඔබට කතාවක් කියන්න ද???
ඈ අසයි... හැබැයි...
මගේ කතාව ඔබගේ මීළඟ කෘතිය විය යුතුය.... ඈ කොන්දේසියක් පනවයි.
තමා දුරකතන ඇමතුම් හුවමාරු මධ්‍යස්ථානයක සේවය කරන්නියක බව ඈ පවසයි.
කතාව අප ලද පුදුමාකාර ඇමතුමක් ගැන...
මා කියනා මේ දවසේ අප හය දෙනෙක් එහි සිටියා...
ඔබ විශ්වාස කරනවාද , එදා රෑ දෙවියන් අප ඇමතුවා...
Sunday, October 5, 2014
ආදරණිය වික්ටෝරියා - මොහාන් රාජ් මඩවල
අටවන දිගහැරුම...
ඇති තරම් කාසි අතට ලැබුනත් ඉන් සැහීමකට පත්වන්නන් සිටින්නේ ඉතා කලාතුරකිනි.
ඔබ ඔබේ මුළු ජීවිතයම කාසි කරගත් කල ඔබේන් ජීවිතය බලාපොරොත්තු වන්නන් හට යන කල දසාව කුමක්ද???
උන්, උන්ට ඕනෑ හැටියකට ජීවන ඉනිමග නගිනු ඇත.
උන්ගේ අවසානය සුඛන්තයක් සේම දුඛන්තයක් ද විය හැක.
කලාතුරකින් දවසක හවසට රා විඩක් බොන්නට පුරුදුව සිටි උඩරටීයා කිසිදිනෙක සිහි විකල් වනතුරු රහ මෙරින් සප්පායම් වු අයෙක් නොවේ.
නමුත් ඒ තැබෑරුම නම් සංකල්පය මේ සිරිලක් දිව් තලයට ආගමනය වූ දා දක්වා පමණි.
ඒ මේ ධර්මද්වීපයේ හා හා පුරා කියා තැබෑරුම් ආරම්භ කල කාල වකවානුවයි..
අදේට කුඹුරු වැඩ කල දුප්පත් ගොවියෙකු වූ දාවිත් අප්පු ඉතා සෙනෙහෙබර පියෙකු විය;ආදරණිය සැමියෙකු විය.නමුත් ඒ ඔහු මඩු විතෙහි වූ අපුල රසය තම දෙතොලින් චුම්බනය කළ අඳුරු දවස තෙක් පමණි. එතැන් පටන් ඔහු හැන්දෑ යාමයේ දී නිවසට ගොඩ බසිනා යක්ෂයෙකු පමණක් ම විය.
දාවිත් පුත් අන්දිරිස් මේ සියල්ල ඉවසාගත නොහි තම ගෙදරට ආයුබෝවන් කියා රැකියාවක් සොයා යයි.මත් වතුර නම් වූ අදුරු රාක්ෂයාගේ අදුරු සෙවණැලි අතරින් ජීවිතය සෙවූ අන්දිරිස් කිසි කලෙක ඒ රාක්ෂයා තම ගෙපැලට නොවද්දා ගන්නා බවට ඉටා ගනියි.
දිනක් ඔහුට අරක්කු පිප්ප සැදීමෙහි නිපුන් වඩුවෙකු හමුවෙයි.ඔහු ඇසුරෙහි ශිල්ප කරනා අන්දිරිස් කලක් ඇවෑමෙන් වඩු කර්මාන්තයේ පරතෙරටම යයි.. කාර්යක්ෂම වූ අන්දිරිස් වෙනකෙනේකුන් හා අසමසමව වඩු කර්මාන්තයේ නියැළෙයි.ඔහු වයික්කියටම සිටිනා දක්ෂම වඩුවා වෙයි.රටට සිටින ප්‍රසිද්ධ වඩුවෙක් වෙයි.
මෙසේ ලද මුදලින් ඔහුගේ සාක්කු පිරි ඉතිරී යද්දී ලද දෙයින් සතුටු නොවීම නම් සංකල්පය ඔහුව ආක්‍රමණය කරයි.
අරක්කු පීප්ප සෑදීමෙන් නොනවතින ඔහු ඔහු අරක්කු නිෂ්පාදනයට ද අත තබයි. ටික කලකින්ම ඔහු රටම දන්නා අරක්කු නිෂ්පාදකයෙකු වෙයි.ඔහු වෙත ඇණවුම් ගලාගෙන එයි.දිනෙන් දින ඔහු දියුණුවේ හිනි පෙත්තටම යයි.
නමුත් ඔහුට ස්වකීය පවුල් ජීවිතය හරි හැටි කළමනාකරණය කරගත නොහැකි වෙයි.
මේ ආදරණිය වික්ටෝරියාව ඔබට පවසන කතාන්දරයයි.
පානදුරා වාදය ගැන කතාව,
වික්ටෝරියා ගැන කතාව,
අරක්කු රේන්ද කරුවන් ගැන කතාව,
අන්දිරිස්ගේ ලිංගික ජීවිතය ගැන කතාව,
ධනපති පන්තිය ආක්‍රමණය කල ඉංග්‍රීසි සිරිත් විරිත් ගැන කතාව
වැනි අතුරු කතා ගොන්නක් මේ කතාන්දරය කියවන ඔබට මුණ ගැසේවි.
මා ඔබට දැන් අප මහා බුදුරජාණන් වහන්සේ පැවසු වෙනත් කතාවක්(බුද්ධ දේශණයක්) කියන්නම්...
" ඔබ පංච සීලය සුරකිනා උපාසකයෙකු වශයෙන් කිසිදිනෙක මත් ද්‍රව්‍ය භාවිත නොකරන්න.එසේම මත් ද්‍රව්‍ය වෙළඳාමෙහි ද නොදෙන්න."
"අසීමිත ආශාව වූ කලී පිරිහීමේ ලක්ෂණයකි."

Subscribe to:
Posts (Atom)